Thursday, April 18, 2013

වස්‌ගමුව වනෝද්‍යානයේ ජාවාරම්කරුවෝ රජවෙලා!

ජයන්තිපුර

වස්‌ගමුව යනු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්‌ථානයක්‌ වන අතරම මහවැලි ගඟේ සහ අඹන් ගඟේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. එවැනි වැදගත්කමක්‌ ඇති මෙම ජාතික වන උද්‍යානයේ වැලි කැණීමට විදුලි වැට ඉවත් කිරීම හේතුවෙන් එහි ඇති අලි ඇතුන් ගම්මානවලට කඩාවැදීම වර්ධනය වී ඇති අතර වැලි කැණීමට එන පුද්ගලයන් වන උද්‍යානයේ නොයෙක්‌ නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවද "දිවයින" ට වාර්තා වේ.

ජාතික වටිනාකමක්‌ ඇති මෙම වන උද්‍යානය හා එහි සම්පත් රැකගැනීම සිදු කරන්නැයි අදාළ බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටින අතර ඉතා කඩිනමින් මෙම නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇති බව පරිසර සංරක්‌ෂණ භාරයේ අධ්‍යක්‌ෂ සංජීව චාමිකර මහතා වැඩිදුරටත් කියා සිටියි.

Source:http://divaina.com/

No comments:

Post a Comment