Showing posts with label Yala. Show all posts
Showing posts with label Yala. Show all posts

Saturday, March 15, 2014

යාල වනයේ ගංජා වගාව පිටුපස අදිසි දේශපාලන හස්‌තයක්‌

යාල ජාතික වනෝද්‍යානය තුළ මහා පරිමාණ ගංජා ජාවාරම පවත්වාගෙන යැම පිටුපස අදිසි දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට වාර්තා වේ.

මෙම දේශපාලන හස්‌තය හඳුනා ගැනීම සඳහා ආණ්‌ඩුවේ ඉහළ අංශවල දැඩි අවධානය යොමු වී තිබේ.

වනජීවී වැටලීම් කණ්‌ඩායමක්‌ මගින් මේ වසරේ ගෙවී ගිය මාස දෙකහමාර තුළ උද්‍යානය තුළින් ගංජා අක්‌කර 20 ක්‌ සොයාගෙන ඇති අතර වසරක්‌ තුළ වටලා ඇති ප්‍රමාණය අක්‌කර 35 කි.

යාල ජාතික උද්‍යානය දැඩි ලෙසම ගංජාකරුවන්ගේ තිප්පලක්‌ බවට පත්ව ඇති බව ද, මේ නිසා උද්‍යානය තුළ වන සතුන්ගේ සංරක්‍ෂණ කටයුතුවලට අතිවිශාල තර්ජනයක්‌ වී ඇති බව ද මේ පිළිබඳව 'දිවයින ඉරිදා සංග්‍රහය' කළ විමසීමේදී ඌව කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂ සිසිර කුමාර මහතා පැවසීය.

මේ තත්ත්වය පිළිබඳව නොපමාව සොයා බලා යාල උද්‍යානය සුරක්‍ෂිත කිරීමට කටයුතු කරන ලෙස පරිසරවේදීහු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

Source:http://www.divaina.com/2014/03/16/news02.html