Sunday, June 10, 2012

සීගිරි පාලකයනට ඇමැතිගෙන් බඹර ප්‍රහාරයක්

2012 ජූනි මස 11 06:49:04 | කාංචන කුමාර ආරියදාස
Share සීගිරි ගලේ බඹර කූඩු ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදෙන බව වනජීවී ඇමැති එස් ම් චන්ද්‍රසේන මහතා පවසයි. අභය භූමියක සිටින සතුන් ගැන තීරණ ගැනීමට හැකි වනුයේ වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් බවද ඇමති කියයි.

ඉදරි දින කීපදේයී බඹර කූඩු කඩා මාදුඔය රක්ෂිතයට රැගෙනගොස් දැමීමට සැලසුම් කැර ඇතැයිද දැනටමත් ඒ සඳහා දක්ෂයන් දෙදෙනෙකු ඉදිරිපත්වී සිටින බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කලමණාකරු වජිර පර්ඩිනැන්ඩස් මහතා කියයි.

දිගින් දිගටම සීගිරිය නැරඹීමට පැමිණි සංචාරකයන්ට එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් බඹරුන්ට කරදරයක් නොවන ආකාරයෙන්  ඉවත් කිරීම සිදුකිරීමටත් අවධානය යොමුවී තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.

ගොවිජනසේවා හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කීවේ සීගිරි අභයභූමියේ සිටින කිසිදු සතෙකු රැගෙන යෑම හෝ ඒ අයට හිංසා පීඩා කිරීමට ඉඩ නොදෙන බවයි. අභයභූමියක සිටින සතුන් ගැන තීරණය ගැනීමට හැක්කේ වන ජීවී දෙපාර්තමේන්තුවට බවද අවධාරණය කළේය.

Source:http://lankadeepa.lk/index.php/articles/47574

No comments:

Post a Comment