Showing posts with label agro chemical pollution. Show all posts
Showing posts with label agro chemical pollution. Show all posts

Wednesday, March 19, 2014

ලොව වැඩිම කෘෂි රසායන ඒකක භාවිතය ලංකාවෙන්

අද වන විට ලෝකයේ වැඩිම කෘෂි රසායනික භාවිතා කරන්නේ අපේ රටට යයි දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක පවසයි.
හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද කීය.
‘මියන්මාරයේ පොහොර ගහන්නේ ඒකක එකොළහයි. අපේ රටේ ඒකක දෙසිය හැත්තෑ හයක් තෙල් පොහෙර ගහනවා. ලෝකේ වැඩිම තෙල් පොහොර ගහන අය අපි. ඒ නිසා වැඩිම පිළිකා, වැඩිම වකුගඩු රෝග, වැඩිම නිල් දරු උපත්, වැඩිම ආතරයිටිස් ආදී බෝ නොවන සියලූ රෝග අපි දැන් උරුම කරගෙන තියෙනවා.
මේකෙන් මිදෙන්නට අපි දැනටත් ප‍්‍රමාද වැඩියි. එතකොට බොහෝ අය කියන දේ තමයි අස්වැන්න නෑ කියන එක. නමුත් දැන් වසර විස්සක් පමණ පර්යේෂණ කළා. ඒ පර්යේෂණ වලින් අපි හොයා ගෙන තියෙනවා විශ්මිත අස්වැන්නක් ගන්න ක‍්‍රම. අපේ පාරම්පරික ඥානයට තාක්ෂණය එකතු කරලා තියෙන්නේ.
පසුගිය දවසක මම දඹානේ වැදි නායකයාගේ ගමට ගියාම එදා දඹානේ වන්නිල ඇත්තෝ කැලයේ මැද තියෙන මණ්ඩියක කිරි කොරහ නැටුවා. අපට එදා ? කන්න දුන්නේ අඟුරුවල පිච්චූ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟුයි. රසකාරක මොනවත් ඒ අය දැම්මේ නෑ. ඒ අය කුරහන් රොටියි පැණියි දුන්නා. මම ආදිවාසී නායක ඇත්තන්ගෙන් ඇහුවා ඔබේ සමාජයේ දියවැඩියා රෝගීන් කොච්චර ඉන්නවද කියලා. ඔහු කීවේ අපේ සමාජයේ දියවැඩියා රෝගීන් නෑ කියලා’

Source:http://lankacnews.com/sinhala/news/112296/