Showing posts with label Sri Lanka Environment. Show all posts
Showing posts with label Sri Lanka Environment. Show all posts

Saturday, June 16, 2012

වැව්, විල්, කලපු, ගංගා එක තැන දැකගන්න පානමට එන්න

නැඟෙනහිර වෙරළ තීරයේ තවත් එක් මනරංජනීය ඉසව්වකට අද අප ඔබ කැඳවා ගෙන යනවා. ලංකාව තරම් සොබා සිරියෙන් අනූන මනරම් දිවයිනක් ලොව අන් කොතැනකවත් නැතුව ඇතැයි මේ සොඳුරු දසුන් නෙත ගැටෙන හැම මොහොතකම අපට සිතෙනවා. නැෙඟනහිර පළාතේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ‘පානම’ නැඟෙනහිර සංචාරයේදී අපේ නෙත් සිත් බැඳගත් තවත් එක් සන්ධිස්ථානයක්.
කොළඹ සිට මොනරාගල හරහා පොතුවිල් නගරයට පැමිණ එහි සිට දකුණට කිලෝමීටර් 17.5 ක් පමණ ගිය තැන පානම ඓතිහාසික ගම්මානය හමු වෙනවා.
එක් පසෙකින් සුන්දර පානම කලපුවෙන් ද අනෙක් පසින් මහ සයුරෙන් සහ තවත් පසෙකින් කුමන වන රක්ෂිතයෙන් ද වට වූ පානම ගම්මානය ගොඩබිම හා සම්බන්ධ වන්නේ එක් පැත්තකින් පමණයි. සොබා දම් මාතාවගේ සොඳුරු දායාදයක් බඳු පානම වටා ඓතිහාසික පුරාවෘත්තයක් ද ගොනු වී තිබෙනවා.
නැඟෙනහිර වෙරළ තීරයේ පොතුවිල්, අරුගම්බේ මෙන්ම පානම ද සුදෝ සුදු ලවැලි තලාවන්ගෙන් යුතු රමණීය මුහුදු තීරයකින් යුක්තයි. ප්‍රදේශයට ආවේණික තුරුවැල්, සතා සීපාවා මෙන්ම විහඟුන් ගෙන් ද සපිරි පානම කලපුව දෑසට මවන්නේ රසඳුනක්.
වසර පුරා පවතින දැඩි මූදු සුළං හේතුවෙන් ගොඩගැසුණු ස්වභාවික වැලි කඳුවලින් පානම මුහුදු තීරයට ලැබී ඇති ආරක්ෂාව ඉමහත්. පසුගිය සුනාමි ව්‍යසනයේ දී එයින් හානියක් නොවී පානම ගම්මානය ආරක්ෂා වුණේ මේ වැලිකඳු නිසයි. ස්වභාවිකව ගොඩගැසුණු එවන් ඇතැම් වැලි කන්දක් මුදුනට නැඟි කළ හොඳින් වැඩුණු උස පොල් ගසක කරටිය දිස්වන්නේ අඩි ගණනාවක් පහතින්. අරාබියේ වැලි කතරේ දැවැන්ත වැලි කන්දක් සිහියට නංවන එම වැලි කඳු මතට රූට රූටා නැඟීම මහත් විනෝදජනකයි. පළාතේ ජනයා විවේකී හැන්දෑයාමයට දරුවන් සමඟ මේ වැලි කඳු මතට නඟිමින් විනෝද වන අයුරු එහි යන කාටත් දැකිය හැකි දසුනක්.
වැලි කන්දේ රූටමින් ඉහළටම නැඟි කල වැල්ලේ තැනූ පීඨිකාවක් බඳු මුදුනතෙහි සිට හාත්පස සිසාරා අවට බලන්නෙකුගේ නෙතට අනන්තය තෙක් දිවෙන මහා සාගරයත් ඈත ක්ෂිතිජ ඉමේ නැංගුරම් ලූ යාත්‍රාවලින් නිකුත් වෙන ආලෝක ධාරාවනුත් මවන දසුන සිත් වසඟ කරවන සුලුයි.
පානම් පත්තුවේ සෞන්දර්යය සැඟව ඇත්තේ අලංකාර මුහුදු තීරයෙහි පමණක් නොවේ. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම කලපුව වන පානම කලපුව ජෛවවිවිධත්වයෙන් පොහොසත්. පානම කලපුවේ ජීවත්වන අලංකාර පක්ෂීන් අතර මහ දියකාවා, අබිකාවා, අළු හිස් උකුස්සා, කුඩා ඇලි සයුරු උකුස්සා, රෑ කොකා, කරවැල් කොකා, අළු කොකා, ලතුවැකියා, සුදු කෑදැත්තා, වන සිලිබිල්ලා, ළය සුදු වැලි පිළිහුඩුවා සහ තිත් හොට පැසිතුඩුවා පානම කලපුවටම විශේෂිත වූවෝ. මොවුන් අතරට විදේශීය රටවලින් සංක්‍රමණය වන පක්ෂීන් ද අයත් වෙනවා. පානම කලපුවේ බහුලව දැකිය හැකි මසුන් අතර කළු කොරලි, කහ කොරලි, අංගුළුවා, ආරා, තිලාපියා සහ මගුරා විශේෂයි.
කලපුව ආශ්‍රිතව පිහිටි කඩොලාන පද්ධතිය ඉතා සරුසාරයි. මහ කඩොල්, මල් කඩොල්, කටඉකිරිය, මුට්ටි කඩොල්, මණ්ඩ කඩොල් හා තිල්ලන් කඩොල් (දැරියා) යන කඩොලාන විශේෂවලින් පානම කලපුව ආරක්ෂා වෙලා තිබෙනවා. කලපුවට ආවේණික ඉස්සන් හා කකුළු විශේෂ කිහිපයක් ද එහි වෙසෙනවා.
පානම කලපුවේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ කලපුවේ තැනින් තැන පිහිටි ගල්කුළු සමූහයයි. සුනිල දිය කඳ මැද සැතැපී ගිමන් හරින ඇත් රළක් සේ දුරට දිස් වන මේ ගල්කුළු සමූහය පානම කලපුවේ චමත්කාරය තව තවත් ඔප් නංවනවා. පානම කලපුව අසලට පැමිණ එහි සුන්දරත්වය දුර සිට නැරඹී මෙන් පමණක් සෑහීමකට පත්වෙන්නට බැරි තරම්. පානම අසිරිය විඳිමින් එහි ගිය අපේ නඩේටත් කලපුවේ දියමංකඩකින් ඔරුවකට ගොඩවෙලා කලපුව වටා සවාරියක් යන්නට ඕනෑ වුණා. අපේ නඩේ ගුරා විමලසේනගෙන් ඊට ලැබුණේ ලොකු සහයක්.
ක්ෂිතිජ ඉමේ හිරු කුමරා සැඟව යන්නට තතනන අසිරිමත් හෝරාවේ පුංචි ඔරුවක නැඟිලා පානම් කලපුවේ ඈතින් ඈතට පාවී යන විට හදවතට දැනෙන සුවය වදන්වලට පෙරළන්නට බැරුවා වාගෙයි. පානම නගරයෙන් කිලෝ මීටරයක් දෙකක් වමට හැරිලා යන විට කලපුවට යා හැකි තොටුපළ කිහිපයක්ම හමු වෙනවා. පානම් කලපුවේ ලොකුම තොටුපොළ බලා කියා ගන්නේ “ගම ඇති සුදු අප්පු” මහත්තයා. වෘත්තියෙන් ධීවරයකු වන සුදු අප්පුත් ඔහුගේ බිරියත් ජීවත් වෙන්නේ පානම් කලපුව අසබඩ ඉදිකළ පුංචි පොල් අතු වාඩියක.
කලපුවේ මසුන් ඇල්ලීම ප්‍රධාන ජීවිකාව වුණත් කලපුවේ ඔරු පාරු පදින්නට එන කොයිකාටත් සුදු අප්පුගේ ඔරුවේ පිහිට ලබා දෙන්නේ බොහොම කැමැත්තෙන්. සුදු අප්පුගේ පොල් අතු වාඩිය ඉදිරිපිට තොටුපොළේ ඔහුගේ පුංචි ඔරු දෙක නතර කරලා. ඉඳ හිට ඇදෙන බෝට්ටුවක් වුණත් ඔහුගේ තොටුපොළේ නවත්තාගන්නට පුළුවන්.
අපි ඔහුගේ වාඩියට යන විට බැහැරක ගිහින් සිටි සුපු අප්පු අප ආ ආරංචිය කනවැකිලා කඩිමුඩියේම දුවගෙන ආවා..
”හා හා යං මහත්තයෝ කලපුවේ රවුමක්. මං සීරුවට හබල් ගාන්නං.
ඔරුව පෙරළුණත් බයවෙන්ඩ එපා. කර තියාගෙන පීනලා ගොඩට ගෙනත් දාන්නම්” සුදු අප්පුගේ කීමට කවදාවත් ඔරු පැදලා නැති ආධුනිකයෙකුට වුණත් ඔහුගේ ඔරුවේ නැඟලා කලපුවේ ඈතට ඈතට පාවෙලා යන්නට ආසාවක් ඇතිවෙනවා.
හැන්දෑ අහස රන්වන් පාටින් දිලිසෙනවා. ටිකෙන් ටික රන් පැහැය රතු පැහැයට හැරිලා. ගිනියම් වූ හිරු ක්ෂිතිජ ඉමේ ගිළිලා සැඟව යනවා. ඈත දුරක සිටන් මනෝහර රාවයක්
රැව් පිළිරැව් නංවමින් පියඹා ආ ලිහිණි රෑනක් කලපු දියඹේ කිරල කැලේ අතරින් වහංගු වෙලා නොපෙනී ගියා. සුදෝ සුදු කොක්කු රෑන් රෑන් ඇවිදින් කිරළ කැලේ තැනින් තැන වහලා රාත්‍රිය ගත කරන්නටයි සුදානම.
අඳුරේ තැනින් තැන සුදෝ සුදට දිස්වන කොකුන් ගේ දසුන මනරම්. සුදු අප්පුගේ ඔරුවේ නැඟිලා පුංචි තිතක් වෙලා ඈතින් ඈතට නොපෙනී ගිය දුෂ්මන්ත ආයෙමත් සෙමෙන් සෙමෙන් තොටුපොළ වෙත ඇදී එනවා. සුදු අප්පුගේ වාඩියේ පොල් අතු වහලයේ අග්ගිස්සක එල්ලූ ලන්තෑරුමේ කණමැදිරි එළියෙන් හාත්පස ගන අඳුර බිඳලන්නට හිතන්නත් බැරි තරම්.
ඉහටත් උඩින් වැවී ඇති මානා පඳුරුවලට ඉහළින් අඩ සඳක් පායා නැඟෙනවා. කලපුවට එහායින් කැලේ සද්දන්තයන් කල එළි බහින වේලාව. අතරමඟදි හදි ගැහෙන්ට කලින් විල්ලුවෙන් එළියට නො ආවොත් අලි අමාරුවේ. සුදු අප්පුගේ වාඩියත් අමුත්තන්ට නවතින්නට කදිමයි.
සුව පහසු යහන් නැතිවාට හඳ එළියේ මූදු වැල්ලේ ගිනිමැලයක් ගහගෙන ඒ වටා වාඩිලාගෙන පැදුරු සාජ්ජයක් දාන්නට කියාපු තැන. සුදු අප්පුගේ බිරිය උයා දෙන ඉස්සන් බැදුමක් තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක දවටා ගත්තාම කුසගින්න වගේම හිතේ ගින්දරත් ඉබේටම නිවී යනවා. රාත්‍රිය ගත කරන්නත් කලපුවේ සවාරියක් යන්නත් සුදු අප්පුගේ වාඩියට එන කොයි කාටත් ඔහු පුළුවන් හැටියට සලකනවා. ඒ එන ඇත්තො තමන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා දුන්නොත් බිරිය එක්ක එකතු වෙලා පුළුවන් හැටියට ඒවා පිළියෙළ කරලා දෙන්නත් ඔහු සූදානම්.
කලපුව අසබඩ මානා යාය පීරාගෙන අප රැගත් වාහනය ගමනට පිටත් වුණේ සුදු අප්පුට සමුදෙමින්. කලපුවේ අසිරිය විඳගන්නට වගේම ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය දැක බලාගෙන ඒ ගැන අධ්‍යයනය කරන්නට රිසි වූවන්ටත් ඒ පරිසරය කදිමයි. කලපුව හරහා මූදු මෝයට වැටෙන තුරුම ;බීට්ටු සවාරියක යෙදෙන්ටත් පුළුවන්.
මෝටර් බෝට්ටුවල සද්දෙ නිසංසලේ කලපු දියේ ජීවත්වෙන මත්ස්‍ය සමූහයාට බලවත් හානියක් වෙන්නට පුළුවන්. මෝටර් බෝට්ටුවලින් පිටවන දුම් හා ජලයට එක්වන තෙල් වැනි දෑ හේතුකොට ගෙන කලපුවේ ජලය මෙන්ම අවට වාතය ද දූෂණය වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කලපුව නරඹන්නට එන දෙස් විදෙස් සංචාරකයන්ට පරිසර හිතකාමී බෝට්ටු සවාරියක යෙදෙන්නට අවස්ථාව සලසා දෙන්නට අදහස් කරන බවයි අපේ නඩේ ගුරා වූ ලාහුගල පානම ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමලසේන පවසන්නේ.
ප්‍රජා සංචාරක කර්මාන්ත ව්‍යාපෘතිය යටතේ පානම ග්‍රාමීය ආර්ථික සංවර්ධන සංගමය මඟින් ඒ ප්‍රදේශයේ සංචාරයේ නියැළෙන දෙස් විදෙස් සංචාරක යන්ට සැබෑ සංචාරක මාර්ගෝපදේශකත්වයක් සපයන්නට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු පවසනවා.
ඒ අනුව පානම කලපුව ආශ්‍රිත කුරුල්ලන් මත්ස්‍යයින් කඩොලාන පද්ධතිය වගේම ජෛව විවිධත්වය නරඹන්නටත් ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නන්ටත් සහය වන්නට ඔවුන් සූදානම්. පොතුවිල් ලාහුගල හා පානම අවට මහා පරිමාණයේ සංචාරක හෝටල නැතත් සාධාරණ මුදලකට හොඳ සේවයක් සපයන නවාතැන් පොළ කිහිපයක් හඳුන්වා දෙන්නටත් ඔවුන් කැමතියි.
පානම් පත්තුවේ සෞන්දර්යය මුහුදු වෙරළට හෝ කලපුවට සීමා වෙන්නේ නෑ. පානම නගරයට නුදුරින් පිහිටි ශාස්ත්‍රවල ගමේ පිහිටි මණිනාග පබ්බත විහාරය ඓතිහාසික වටිනාකම් රැසකින් හෙබි සිද්ධස්ථානයක්. පානම සිට කුමන පාරේ කිලෝ මීටර හයක් පමණ යන විට හමුවන පානකල කලපුව කලකට පෙර සරුසාර ලුණු ලේවායක්. පානමට අවශ්‍ය පමණටත් වඩා ලුණු තිබූ එම කලපුව එකල පානම ජනතාවගේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කළා.
පානම සිට කුමන පාරේ කිලෝ මීටර් දොළහක් පසුකළ විට හමුවන්නේ සුප්‍රකට කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයයි. එතැන් සිට තවත් කිලෝමීටර් හතරක් පමණ ගිය තැන කුමන වන අරණ මැද පිහිටි ඔකඳ දේවාලය හමුවෙයි. කුමන අභය භූමියේ වනසතුන් හා කුරුල්ලන් නරඹන්නටත් එහි යන ඔබට පුළුවන්. පානම වැවේ වගේම කිඹුල් වලේ කිඹුලන් බලන්නටත් එහි යන කාටත් හැකි වෙනවා. මහ මුහුද, කලපුව, වැව්, විල් වගේම ගංගා එකම ප්‍රදේශයක වර්ග සැතපුම් කිහිපයක් ඇතුළත එකවර දැක බලා ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙන්නේ පානම් පත්තුවෙදි විතරයි.
ඈත අතීතයේ දී ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පලා ආ උඩරට සිංහලයන් මුලින්ම පදිංචි වුණේ පානම අසල ප්‍රදේශවල. මැදගම, මීයන්ගොඩ, හැලව, රදැල්ල වැනි ප්‍රදේශවල මුලින්ම පදිංචි වූ ඔවුන් විවිධ දුෂ්කරතා හේතුවෙන් එම ප්‍රදේශ අතහැර පානම පදිංචි වී සිටිනවා. හේන් ගොවිතැන ප්‍රධාන ජීවිකාව කරගත් පානම වැසියන් ඔවුන්ටම ආවේණික සිරිත් විරිත් හා සංස්කෘතික අංග පාරම්පරිකව රැකගෙන එන පිරිසක්. පානම අයත්වන්නේ මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයට.
මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන පානම, සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඉතා සුහදව ජීවත් වෙනවා. පානම වෙසෙන සිංහලයන් බොහෝ දෙනකුට ද්‍රවිඩ භාෂාව හොඳින් කතාබහ කරන්ට පුළුවන්. ඒ වගේම හොඳ සිංහල උඩරට වාසගම් එක්කම ද්‍රවිඩ වාසගමුත් එකට යෙදී ඇති අයුරු බහුලව දැකිය හැකියි. පානම සංචාරයේ යෙදෙන ඔබට සොබා දහමේ අපූරු දායාද රාශියක් දැක බලාගන්නවා වගේම පානම ජන ජීවිතය ගැනත් බොහෝ දේ ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා සිකුරුයි.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

Source:http://silumina.lk/2012/06/17/_art.asp?fn=ay1206172

Sunday, June 10, 2012

සීගිරි පාලකයනට ඇමැතිගෙන් බඹර ප්‍රහාරයක්

2012 ජූනි මස 11 06:49:04 | කාංචන කුමාර ආරියදාස
Share සීගිරි ගලේ බඹර කූඩු ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදෙන බව වනජීවී ඇමැති එස් ම් චන්ද්‍රසේන මහතා පවසයි. අභය භූමියක සිටින සතුන් ගැන තීරණ ගැනීමට හැකි වනුයේ වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් බවද ඇමති කියයි.

ඉදරි දින කීපදේයී බඹර කූඩු කඩා මාදුඔය රක්ෂිතයට රැගෙනගොස් දැමීමට සැලසුම් කැර ඇතැයිද දැනටමත් ඒ සඳහා දක්ෂයන් දෙදෙනෙකු ඉදිරිපත්වී සිටින බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කලමණාකරු වජිර පර්ඩිනැන්ඩස් මහතා කියයි.

දිගින් දිගටම සීගිරිය නැරඹීමට පැමිණි සංචාරකයන්ට එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් බඹරුන්ට කරදරයක් නොවන ආකාරයෙන්  ඉවත් කිරීම සිදුකිරීමටත් අවධානය යොමුවී තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.

ගොවිජනසේවා හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කීවේ සීගිරි අභයභූමියේ සිටින කිසිදු සතෙකු රැගෙන යෑම හෝ ඒ අයට හිංසා පීඩා කිරීමට ඉඩ නොදෙන බවයි. අභයභූමියක සිටින සතුන් ගැන තීරණය ගැනීමට හැක්කේ වන ජීවී දෙපාර්තමේන්තුවට බවද අවධාරණය කළේය.

Source:http://lankadeepa.lk/index.php/articles/47574

Saturday, June 9, 2012

Let it bee, don’t kill them: Experts

Indispensable to mankind’s food chain, extinction of the bee would cause widespread famines leading to starvation en masse
By Malaka Rodrigo
Recently, the management of the newly opened Nelum Pokuna Theatre in Colombo had their hands full, trying to rid the building of a swarm of giant honeybees (bambaras) or Apis dorsata as they are scientifically known, colonising the steel structures of the building.
Even though the hives were built high, concerns for the safety of visitors to the theatre, prompted the authorities to have the bee colonies removed from the building.
On expert advice, it was decided to smoke out the bees and this was successful. Sources at the Theatre said that the bees were unharmed in the process, even though the hives were burnt to prevent them from returning.
Sri Lanka’s foremost bee researcher Dr. R.W.K. Punchihewa said that bees play an important role in the ecosystem by pollinating flowers, and hence, need to be protected. “If bees become extinct, there would be famines, with people dying of starvation.” he said.
As a National Action Plan to conserve these important pollinators, a programme called “National Pollinator Initiative” was launched recently by the Biodiversity Secretariat, with Dr. Punchihewa chairing this committee comprising eminent scientists.
Dr. Punchihewa pointed out that the giant boneybee or the bambara is the most important pollinator among other insects in the Sri Lankan context. The bambara moves from the coast towards the central highlands while pollinating flowers in bloom on different trees and plants at different times.
Sri Lanka has over 4,000 flowering plants and insects and primarily bees are responsible for pollinating over 90% of them.
Silence please, if attacked, make a beeline to the cage
By Sonja Candappa
On Friday, the Central Cultural Fund officers held discussions with Wildlife officials on whether or not to move the giant honey bees away from Sigiriya, to protect visitors. Fund Sigiriya Project Manager Vajira Ferdinando said the main reasons for the bee attacks are the hot and windy conditions and the noisy conduct of the visitors.
The Central Cultural Fund has classified three areas on Sigiriya as high risk areas. They are the top of the rock, the lion’s paws and the frescoes pocket, with the area around the iron ladder, between the lion’s paw and the top of the rock, classified as the most dangerous. “The bees don’t attack unless they are disturbed. They are disturbed by loud noise from visitors,” Mr. Ferdinando said, adding it is mostly local tourists who are noisy.
Mr. Ferdinando went on to say that protective suits are available to be worn before entering these risky areas. These suits are made of rexene and are heavy and most visitors opt out of wearing this protective outfit because of the oppressive discomfort when worn. Hence, in the event of a bee attack, one needs to make a beeline to a cage covered with mesh to escape the attack.

Source:http://www.sundaytimes.lk/120610/News/nws_48.html

Friday, September 23, 2011

Why no one hears the call for conservation

Dr. Sriyanie Miththapala discusses the importance of communicating the message, that saving the earth means saving humans

Save the whales! Save our forests! Save our elephants!

We biologists have been bleating these refrains for over three decades. Our rhetoric remains the same broken record, played over and over again: we are stripping the Earth of its riches, we are poisoning the waters, we are polluting the air and we are overheating the Earth. Yet, the threats remain; the ravaging of the Earth continues.

We have only a quarter of the extent of forests left on our island – one third less than at the turn of the last century. Three hundred and eighty species of animals (241 endemics) and 675 plant species (412 endemics) are considered to be threatened with extinction.

The forests that we are losing are the very forests that soak up carbon dioxide and serve as giant sponges to soak up rainwater, preventing floods and erosion.

The animals and plants that we are losing are those that, together, form interconnected and interdependent units of ecosystems, which provide us humans with a range of life-sustaining services: replenishing the oxygen that we breathe; providing us with food and medicines, fuel and fibre; purifying water, regulating the climate and recycling nutrients; serving as physical barriers to tidal surges; ultimately giving us health, shelter, security and basic materials for a good life.

So why are we not able to convince successive governments and other organizations to stop ravaging our natural capital? Why do our cries go unheeded? Because we biologists do not know how to communicate our concerns, that’s why.
Communication is defined as the activity of conveying meaningful information. Communication requires a sender, a message, and an intended audience. The communication process is only complete once the receiver has understood the sender.
This means that the message that we biologists are sending to decision makers and anyone who is not a card-carrying environmentalist is, simply, not being understood. Our communications are often unclear. Like the proverbial shopkeeper who puts up a notice on the door of his store saying ‘Would the person who took the step ladder yesterday please bring it back or further steps will be taken’, we are sending a message that cannot be understood.
At other times, our communication is, simply, incomplete. We do not specify why something is important. To the average person, a frog is a slimy or warty animal at which one goes ‘Eeeek.’ So why are ‘frogs our friends?’
Inherent in each complete communication message should be three elements. The first element is that the message must contain specific benefits. ‘Save elephants’, ‘Frogs are our friends’ are not good messages because they do not convey what the specific benefit is for the receiver.
Frogs are our friends because they indicate ecological conditions or changes occurring in the environment. When useable water is contaminated by, for example, pollution or habitat degradation, indicator species such as frogs die or become deformed, thereby sending us clear signals that the environment is in trouble.
Using data covering the last four decades, biologists have assessed that the world's amphibian population has probably decreased by more than 50% since the 1950s. Some species have become extinct, while the geographical range of others is rapidly shrinking and yet others display many deformities indicating that something is very wrong indeed. Unlike humans, frogs breathe, in part, through their moist skin.
Moreover, because they live partly in water and partly on land, they easily absorb pollutants through their skin. They are, therefore, much more vulnerable and sensitive to pollution, toxic chemicals, radiation, and habitat destruction. Alarmingly, increased deformities in frogs (frogs with missing, extra or misshapen legs, no eyes etc.) have been linked to higher levels of pollutants including pesticides, heavy metals and ultraviolet radiation in the atmosphere. Their immediate reaction to environmental conditions indicates that all is not well. In addition, frogs feed on pests such as mosquitoes.
The benefits that we accrue from the Earth’s biological resources are enormous. We are used to hearing about the natural resources that we use: food, fodder, fuelwood, fibre etc. Apart from this provisioning, ecosystems found on earth - provide other benefits - services, not only goods - that often go unnoticed and unmentioned. (Ecosystems are groups of species that interact with each other and with the physical environment. Each ecosystem consists of a variety of different species – plants, animals and micro-organisms – interdependent on and interacting with each other in a specific habitat with a given set of physical variables to form a natural unit, with a web of interconnections among species.)
Supporting ecosystem services - such as
  • the diversity of flora and fauna;
  • the manufacture of food by green plants that sustains life on earth;
  • pollination;
  • soil formation;
  • the balancing of gases in the atmosphere that provides oxygen for most life on earth;
  • decomposition and decay of dead plants and animals;
  • cycling of essential nutrients and water – all affect human health and well-being.
Some ecosystems - such as mangroves - provide a physical barrier to storms and their roots serve to regulate floods, while forests regulate the climate, making it even, providing regulating ecosystem services. Cultural ecosystem services provide humans with non-material benefits through spiritual enrichment, development of learning, recreation and aesthetic experience.
All these services ultimately affect human well-being. The Millennium Ecosystem Assessment carried out from 2000-2005 presented a framework that showed clearly that through different ecosystem services, ecosystems are essential components of human well-being and contribute positively to human security, providing basic materials for good life, good health and good social relations.
The bottom line is that without ecosystems, humans cannot live. In short, in order to achieve human well-being, it is essential that we also have ecosystem well-being. This is the link that underpins sustainability of livelihoods and of development. And this is the link that is almost always missing in conservation communication.
The second element in a communication message is that it must be easy to remember. Consider the following extract from a scientific journal: ‘Nostrils rounded or oval, lacking a lateral dermal flap. Pupil oval, horizontal. Vomerine ridge present or absent. Tongue oval, emarginate, with or without a papilla. Arms short, slender. Digits slender, with intercalary cartilage, terminating in wide, well-differentiated, grooved, disks. Fingers with or without a lateral dermal fringe.’
This extract is from a taxonomic description about an endemic toad. Such taxonomic descriptions are essential in scientific discovery, but let even a phrase of the above near a decision maker, and a conservation case is lost before it is even begun. On the other hand, saying that frogs are like canaries in a coalmine strikes a chord that is easy to remember. The third element in a message is that it must highlight a difference either from other species or other ecosystems, other countries and even other available options.
Here in Sri Lanka, over the recent decades, over a 100 new frogs and toad species have been discovered. Borneo, Madagascar and New Guinea have the same number of frogs and toad species as Sri Lanka, but they are ten times or more as large. This discovery has simply been astonishing and has made our island a new centre of frog diversity in the world. The discovery has immediately increased the urgency for protecting what little forest remains.
If we remember these three elements in communication, we will fare better in our efforts to convince decision makers to listen to our message. Another key facet in communication is remembering who the receiver is. What one communicates is entirely dependent on who is being communicated to. To a politician, eager for votes, protection of the Critically Endangered Morningside Tree Frog (Taruga fastigo) found only in Morningside Forest Reserve, east of Sinharaja in the Rakwana hill range, and nowhere else in the world, would mean nothing.
Showing that destruction of these patches of forests would increase the likelihood of floods and erosion might. To a school boy – eagerly idealistic - saving the frog for its own value may be sufficient. How one communicates – the channel used – is also dependent on the recipient. A 30-page policy brief about the importance of conserving the frogs of Sri Lanka will not make the slightest dent in the consciousness of a politician, but a five to six-point, pithy presentation might. Similarly, attempting to use the internet as a channel to communicate with villagers is futile.
Another aspect that must never be ignored is that the recipient may have his or her own agenda that often, is political, driven by the thirst for power and position. Therefore, the conservation message must address this agenda. In Sri Lanka, the current rhetoric is for development, more development and yet more development. If development is to be sustainable it must include more than infrastructure development. Sustainable development is defined as ‘development that meets the needs of the present without compromising the ability of future generations to meet their own needs’.
This definition contains within two key concepts: 1) the concept of 'needs', specially, the essential needs of the poor and marginalised, to which overriding priority should be given; and 2) the concept that there is a limit to the environment's ability to meet present and future needs.
Sustainable development is based on the assumption that we need to manage three types of capital (assets): economic, social, and natural. Each of these assets is important, and each cannot be consumed indefinitely. For example, we cannot spend money extravagantly without saving for the future; otherwise, we will become poor.
Similarly, we cannot destroy our natural assets without facing a bleak future. The equations are simple: cutting down forests in the wet zone results in the increased likelihood of floods and erosion – in catchment areas this invariably results in siltation of reservoirs. Stripping the dry zone of its forests increases the possibility of its becoming drier and hotter. Denuding mangroves that fringe rivers that feed into estuaries changes the inflow of water into these estuaries, in turn changing their salinity, altering habitats of the food fish that live in them – ultimately affecting the livelihoods of fishermen.
Yet, much of the current development continues without heed to our nation’s natural capital.
Marcel Proust said that ‘The voyage of discovery lies not in finding new landscapes, but in having new eyes.’ To paraphrase this, the path to conservation is not to blame politicians, but in finding a means to communicate our conservation message.
Source:http://www.sundaytimes.lk/110911/Plus/plus_14.html

Sunday, September 11, 2011

Sand mining erodes SC order

A supreme Court order in 2005 banned sand mining in the Deduru Oya, but this illegal activity is on the increase. The practice which decreased after the SC ruling, now takes place at over 20 locations. Resultantly sea water now seeps into the Oya and has adversely affected drinking water wells in the area, residents complain.
They say around 200 acres of agricultural land too has had to be abandoned as the water is now not suitable for cultivation. Among the areas affected are Bangadeniya, Sinnamadama, Jayabima, Nochchiwatawana, Weerakumandaluwa, Veherakele, Diganwewa and Rambepitiya.

Sand mining, which has been illicitly going on since 1995, reached its peak in 2004, prompting environmental groups to file action. The North Western Province Environmental Authority, Geological Surveys and Mines Bureau were among those who filed action against the practice. Residents complain that the police have failed to take action to stop this illicit activity.


 Not a care in the world: Illegal sand mining takes place in broad daylight despite an SC order

Source:http://www.sundaytimes.lk/110911/News/nws_017.html